31 C
Colombo
Friday, December 20, 2024

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව අද සවස 5 ට

- Advertisement -

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා අවසන් වටය අද (30) පැවැත්වෙනවා.

මෙම තරඟ අතුරින් කාන්තා අවසන් මහා තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ටද පිරිමි අවසන් මහා තරඟය පස්වරු 5.40 ටද පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟවල සජීවී විකාශය Sony Live සහ Ten Sports යන නාළිකා ඔස්සේ නැරඹිය හැකියි.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන මූලික තරඟය ඊයේ පැවැත්වුණු අතර තත්පර 52.67ක දක්ෂතාවයක් දැක්වූ නදීශා රාමනායක එහි දෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තා.

පැවති මූලික තරඟ තුනේ දක්ෂතාවය අනුව අවසාන තරඟයට සුදුසුකම් ලද ක්‍රීඩිකාවන් අතර නදීශා තෙවන ස්ථානයේ පසු වෙනවා.

මේ අතර, ඊයේ පැවැති මීටර 400 පිරිමි මුලික වටයේ පළමු තරඟයට එක් වුණු කාලිංග කුමාරගේ ඊයේ ඉන් පළමු ස්ථානය හිමි කරගත්තා.

ඒ තත්ත්පර 45.57කින් තරඟය නිමා කරමින්.

තුන්වැනි මූලික වටයේ තරඟයට එක් වුණු අරුණ දර්ශන තත්ත්පර 46.07ක කාලයක් වාර්තා කරමින් තරඟය නිමා කළේ තෙවැනියා ලෙසයි .

ඒ අනුව දෙදෙනාම අද පැවැත්වෙන මීටර් 400 පිරිමි අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.

2006 වසරෙන් අනතුරුව ආසියානූ ක්‍රීඩා උළෙලක ජවන හා පිටිය තරඟ අංශ සඳහා ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගෙන නැහැ.

ඒ අනුව, අද දින පිටියට පිවිසෙන ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ක්‍රීඩකයන් තිදෙනාටම පදක්කමක් දිනා ගත හැකි වුවහොත් ඔවුන්ට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා අංශය තුළ ඉතිහාසගත වීමට හැකි වනු ඇති.

මින් පෙර දෝහා හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී තිබුණා.

කාන්තා මීටර් 200 ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ සහ පිරිමි මීටර් 4×400 ඉසව්වෙන් සුගත් තිලකරත්නගේ නායකත්වයෙන් යුතුව රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර සහ රංග විමලවංශ යන කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ජවන හා පිටිය පදක්කම් දිනූ ක්‍රීඩකයින් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ඔවුන්ගේ...

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වර්ගමීටර් 62000 පමණ...

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ...

POPULAR ARTICLES