28.4 C
Colombo
Tuesday, October 22, 2024

කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට

- Advertisement -

රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කල්පිටිය පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ලොරි රථ යේ රියදුරු වශයෙන් කටයුතු කළ කල්පිටිය අම්මාන්තෝට්ටන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කිලෝ 620ක් අඩංගු මිටි 20ක් සහ කහ කිලෝ 1276ක් අඩංගු මිටි 40ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් ඉකුත් 20 දින අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කල්පිටිය පොලිසි ස්ථානය රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී තිබෙනවා.

පොලිසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට භාරදීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාළු ඉඩමක නවත්වා නඩු භාණ්ඩ වශයෙන් රැගෙන යමින් තිබූ බීඩි කොළ කිලෝ 620ක තොගය වෑන් රථයකට පටවමින් ඒ වෙනුවට පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

මාතර ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට

මාතර - කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින්...

ලාංකික තරුණයෙක් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කෙරේ

කැනඩාවේ රැකියාවක නිරත වෙමින් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (21) එරට දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පංචලිංගම් පාර්තිපන් නැමති පදිංචි 44 හැවිරිදි මොහු,...

මහා භාණ්ඩාගාරයට ඉහළ නිලතල පත් කරලා

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...