විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් පදිංචි සහතිකයක් යොමුකිරීම නිසා ආරක්ෂක සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කෝපයට පත්වී තිබේ.
තමන් වැනි ප්‍රභූන් ජීවත්ව සිටින බව තහවුරු කර ගැනීමට පදිංචි සහතික යොමුකිරීම නොකළ යුතු බවට ද ඔහු සඳහන් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ 10/2006 අනුව සෑම විශ්‍රාම වැටුප්ලාභියෙකුම වාර්ෂිකව මේ පදිංචි සහතිකය පුරවා, අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා වෙත බාරදිය යුතුය.
අදාළ විශ්‍රාමිකයා ජීවත්ව සිටින්නේද යන්න දැනගැනීමේ නීතිගත ක්‍රමය එය වේ. දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටිනි විශ්‍රාම වැටුප් නිලධාරීන් මගින් මේ පදිංචි සහතික යොමුකිරීම සිදුකරනු ලබයි.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ප්රභූන්ට වෙනම නීතියක් නැති බවත්, මේ චක්‍රලේඛ පොදුවේ විශ්‍රාම වැටුප් ලබන සියල්ලන්ට අදාළ බවත් ය. වාර්ෂිකව දෙපාර්තමේන්තුවේ ලිපිගොනු යාවත්කාලීන කෙරෙන්නේ මේ හරහා බව ද ඔහු සඳහන් කළේය.