28 C
Colombo
Tuesday, September 24, 2024

ඇමතිකම දාලා කංචන ගෙදර ගිහින්

- Advertisement -

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා.

අමාත්‍යවරයා සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.

අමාත්‍යවරයා එහි සඳහන් කර සිටියේ ඊයේ (22) දිනයේ රජයෙන් ලබා දුන් සියලුම වාහන සහ අමාත්‍යාංශය විෂය පථයට අයත් සියල්ල ම භාර දුන් බවයි.

එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත්ව යන විට දී වඩා ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් සහ විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව එය භාර දුන් බව ඔහු පවසා සිටියා.

රටේ සියලුම ආයතන මේ වනවිට යම් කිසි අයුරකින් ධනාත්මකව පවතින බවත්, එහි සේවාවන් සඳහා පිරිවැය අයකර ගැනීම, සැපයුම්කරුවන් සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීම, හිඟ ණය සඳහා සේවා සැපයීම සහ එය උපයන අමතර ආදායමෙන් භාණ්ඩාගාරයට සැපයීම සහ සහාය වීම යනාදී කටයුතු සිදු කර ඇති බව ඔහු සඳහන්කර සිටිනවා.

තවද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ස්තූතිය පළකර ඇති ඔහු වැඩිදුරටත් සඳහන්කර තිබුණේ මගේ පවුලේ අය, මිතුරන්, අමාත්‍යාංශයේ සහ ආයතනවල නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, සංවර්ධන ආයතන, විවිධ රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් සහ පසුගිය වසර දෙක තුළ සහය වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවයි.

සිය නිල X ගිණුමෙහි කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ,

එමෙන්ම 2022 දී පැය 4-13 ක විදුලි කප්පාදුවක්, ඉන්ධන තත්ත්වයක්, ගල් අඟුරු නොමැති වීම්, ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයුම්කරුවන්, මුදල් හිඟවීම් මධ්‍යයේ පැවති රටට අවශ්‍ය විදුලි උත්පාදනය, ගල් අඟුරු සැපයීම්, ඛනිජ තෙල් නිෂ්පාදන ආදිය ප්‍රමාණවත් පරිදි සැපයීමට ඇති පසුබිමක් ශේෂ කරමින් සහ ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීම ස්ථාවර කරමින් මම මින් පිටත් වෙමි”

RECENT ARTICLES - SINHALA

රනිල් සජිත් එකගෙයි කෑමේ සුදානමක්

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

ජනාධිපති පෞද්ගලික ලේකම් පත්කරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්

කුඩාවැල්ල ධීවර වරායෙන් එක් දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...