මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි අවදානම් කලාපයක් බවට හඳුනාගැනීමත් සමඟ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු නිවාරණ මාසයක් නම් කර තිබෙනවා.
දෛනිකව රෝගීන් 72 දෙනෙකු පමණ වාර්තා වන බවත් මහනුවර ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් 7,422 දෙනෙකු
පමණ මේ වන විට ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
එමෙන්ම මේ වසර තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ 09ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙසේ ඩෙංගු නිවාරණ මාසයක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.