ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ’ අංක 4 සහ 6 යන මහෙස්ත්‍රාත් අධිකරණ අද (20) නියෝග කළා.
දරුණු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටි බූස්ස බන්ධනාගාරයේ සිටි කංජිපානි ඉම්රාන් මාලිගාවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කර තිබූ නඩු දෙකකට අදාළව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මාලිගාවත්ත පොලිසිය මගින් ගොනුකර තිබූ නඩුවට අදාළව රුපියල් විසිපන්ලක්‍ෂය බැගින්වූ ශරීර ඇපදෙකක් සහ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදල් ඇපය නියම කෙරුණා.
කොළඹ අපරාධ කොට්ටාසය ගොනු කර තිබූ නඩුවට අදාළව රුපියල් ලක්‍ෂ පනහක ශරීර ඇපයක් නියම වුණා.
එයට අමතරව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද පැනවූ අධිකරණ සෑම ඉරුදිනකම මාලිගාවත්ත පොලිසියේ පෙනී සිටින ලෙස කොන්දේසියක්ද පනවනු ලැබූවා.