සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු ලෙස ප්‍රකට කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව ද හින්දු පුවත වාර්තාවක සඳහන් වනවා.
එම පුවත්පත් වාර්තාවට අනුව පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් රමේෂ්වරම් වෙත ඇතුළු වූ බව පවසමින් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.
ඊට අමතරව මේ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස ප්‍රාන්තය පුරා සිටින ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පුවත් වාර්තාවේ සඳහන් කරනවා.