හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයෙකු විසින් බාර දුන් බව කියන සුපිරි ජීප් රියක් ලඟ තබා ගත් මහනුවර, ගාල්තැන්න ප්‍රදේශයේ කපුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද නියෝග කොට තිබෙනවා.
ඒ අනූව සැකකරු නොවැම්බර් මස (11) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ගාමීණී ආනන්ද නැමත්තෙක්.
අදාල ජීප් රිය ලියාපදිංචි නොකළ එකලස් කරන ලද එකක බව තෙල්දෙණිය පොලිසියේ විශේෂ විමර්ශණ අංශය පවසනවා.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශණ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.