කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව කිරුළපන පොලිසිය පවසනවා.
නිවස තුළ තිබූ පවුම් 8 ක පමණ රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා ඇති බවට බැලූ බැල්මට පෙනෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කමලා සින්නම්මා නමැති කාන්තාවක්.
ඝාතනයට ලක් වූ වයෝවෘද්ධ කාන්තාව එම නිවසේ සැමියා , දියණිය සහ මිනිබිරිය සමඟ පදිංචිව සිටින අතර අද පෙරවරු 6.30 ට පමණ දියණිය මිනිබිරිය පාසලට ඇරලවා රැකියාව සඳහා පිටත්ව ගොස් තිබූ බව පොලිසිය පවසනවා.
පෙරවරු 10 පමණ සැමියා ව්යාපාරික කටයුත්තක් සඳහා මොරටුව ප්රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ අතර ඝාතනයට ලක් වූ කාන්තාව පමණක් නිවසේ සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.