වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් අද (15) දහවල් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එහිදී වසර 6ක සිට ගුවන් තොටුපළ සේවකයින්ගේ වැටුප් වැඩිකර නොමැති බව, ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු සදහන් කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, වැටුප් වැඩි නොකළහොත් ලබන ජනවාරි 3 වනදා සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.