කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වන නඩුව අද (29) යළි කැඳවා තිබෙනවා.