හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වනවා.
මෙම සිදුවිම සම්බන්ධයෙන් චෝදනා එල්ලව රක්ෂිත බන්ධනාගාරගතව සිටි රඔුක්වැල්ල මහතා මේ වන ඇප මත මුදා හැර සිටිනවා.
මෙම සිදුවිමට පසුගිය වසරේ එනම් 2024 පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර එම වසරේ සැප්තැම්බර් මස 11වන දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කරණු ලැබුවා.
ඒ මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමෙන් පසුවයි.