31 C
Colombo
Friday, October 4, 2024

කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි

- Advertisement -

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කීපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මීට පෙර අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16 ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05 ක් අත්හිටුවමින් අද (04) දින තෙක් බල පැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව අද (04) දින අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය එම අත්හිටුවීමේ නියෝගය ලබන ජනවාරි මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස නියම කළා.


RECENT ARTICLES - SINHALA

අප්සාරිට සජබයෙන් ලොකු තනතුරක්

සමගි ජන බලවේගයේ බටහිර - කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පත් කර තිබෙනවා. අප්සාරි...

අනුරට මෝදිගෙන් ආරාධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ...

අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න. අනුරට යෝජනාවලියක්

චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය ගැන හෙළිදරව් කළ අසාත් මවුලානා නැමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් සහ එය...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...