ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදා හැරීම සම්බන්ධයෙන් පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.
මේ අතර බාල එන්නත් ගෙන්වූ සිදුවීම සම්බන්ධයෙන් සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා තවදුරටත් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාගරගත කරන ලෙසද මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කොට තිබුණා.
බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට කටයුතු කළ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා සිටියා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,සෞඛය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඇතුළු සැකකරුවන් පිරිසක් මීට පෙර ඇප මත මුදා හැරිමට කටයුතු කළා.