25.7 C
Colombo
Friday, March 14, 2025

කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට

- Advertisement -

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද (26) දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

අද දිනය තුළදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවුවහොත් එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද ඒ මහතා පවසනවා.

මේ අතර නිරිතදිග මෝසමේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් එල්ල වෙමින් තිබෙනවා. ‍

අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7ක්ම සිදුව ඇත්තේ ගස්කඩා වැටීම්වලින්.

කෑගල්ල අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ජලසම්පාදන මණ්ඩලය අසළ පිහිටි කොස් ගසක කොටසක් ට්‍රාන්ෆෝමරයක් මතට කඩාවැටී තිබෙනවා.

මේ හේතුවෙන් අරණායක ප්‍රදේශයටම විදුලිය විසන්ධිවී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ අතර කොළඹ ගම්පහ කළුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් 7ට අදාළව නිකුත්කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව පුද්ගලයින් 45,344ක් පමණ පීඩාවටට ලක්ව සිටින අතර නිවාස 2797කට අර්ධහානි සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වනවා. පානදුරේ සිට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනී

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබෙනවා. ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී යි. තලගහවත්ත ප්‍රදේශයේ...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

POPULAR ARTICLES