කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි ඇති ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති නමුත් අද (19) දිනයේදී විදුලිය කැපීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.
අද දිනයේ සවස් වනවිට එම ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ඇති බවද පැවසේ.
එමෙන්ම, කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන ජනන යන්ත්‍රයක් ද මීට පෙර නවතා දමා තිබුණි.