ඉන්ධන නොමැතිකම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නවතා ඇති බව වාර්තා වනවා.
මේ වනවිටත් ඉන්ධන නොමැතිකම හේතුවෙන් දිවයින පුර විදුලි කප්පාදුවක් සිදු වෙමින් පවතින අතර, දිනකට පැය හයක් හෝ පහක් මහජනයාට අඳුරේ හිඳින්නට සිදු වී තිබෙනවා.
පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට නො හැකි වීම නිසායි මෙම අර්බුද සියල්ල නිර්මාණය වී ඇත්තේ.
මීට ටික දිනකට ඉහත දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දැමුණේ පිරිපහදු කිරීමට අවශ්‍ය බොර තෙල් නොමැතිකමින්.
කෙසේ නමුත් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන මෙරට ඇති බවයි.