කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ පිහිටි සියලුම පාසල් නොවැම්බර් 24 වන දා සිට 27 වන දින දක්වා වසා දමන ලෙස උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
කිලිනොච්චිය නගරයේ වෙළඳසැලක සේවය කල 72 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී යැයි හදුනාගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවත් අදාල ආසාදිතයාව ප්‍රතිකාර සදහා වැලිකන්ද රෝහල යවා ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් කිලිනොච්චියෙන් හමුවු කොවිඩ් ආසාදිතයාට එය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති බවත් වාර්තා වේ.