මෙරට සංස්කෘතිය තුල බලු කපුටු දාන දුන්නද කපුටන් මරා තටු එල්ලන සංස්කෘතියක් මෙරට නොමැති බව එක්සත් පුරවැසි සන්ධානය පවසනවා.
පසුගිය දිනක අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශක් සම්බන්ධයෙන් ඊයේ (03) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් එම සන්ධානයේ චමීර පෙරේරා මහතා පෙන්වා දෙන්නේ රජයට එරෙහිව මතුවන විරෝධතා මර්දනය කරන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා එසේ අදහස් ප්‍රකාශ කර ඇති බවයි.
විපක්ෂය පමණක් නොව ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ පාර්ශවද කළකිරීමට පත්ව විරෝධතා පල කරමින් සිටින බවත් ඔවුන්ද ‘කාක්කන්’ බවට පත්ව සිටින බැවින් මරන්නේ නම් ‘කපුටන්’ විශාල ගණනක් සිටින බව අමාත්‍යවරයාට සිහිපත් කර සිටින බවත් චමීර පෙරේරා මහතා පවසනවා.
එමෙන්ම, සුදුස්සන් සිටියදී අලෙවිකරුවෙක් හට කෘෂිකර්ම ඇමතිකම දුන් විට ජනතාවට පීඩාවිඳීමට සිදුවීම ගැන ඇසීමට දෙයක් නැති බවත් ජනාධිපතිවරයා සුදුස්සන්ට සුදුසු තැන ලබාදෙන්නේ එපරිද්දෙන් බවත් ඒ මහතා පවසනවා
මේ අතර මේ වන විට පවතින පොහොර ප්‍රශ්නයට ජනාධිපතිවරයා විසඳුම් හොයන්නේ ද බේබද්දා යතුර හොයන ආකාරයට බවද චමීර පෙරේරා මහතා සඳහන් කරයි.