27.7 C
Colombo
Wednesday, December 4, 2024

කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් 6ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

- Advertisement -

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඒ අතර පාසල් ළමුන් 04 දෙනෙකුද සිටින බවයි.

අනතුරින් දිවිගලවාගත් පුද්ගලයන් 14 දෙනෙකු කින්නියා රෝහලට ඇතුළත් කර තිබෙන අතර අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා නාවික හමුදා කණ්ඩායම් 08ක් විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා ගමන්කිරීමට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙන් ඒ හරහා ගමන් කිරීමට යොදා තිබූ පාලම් පාරුවක් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 7.30ට පමණයි.

ඒ වනවිට අදාළ පාරුවේ පාසල් ළමුන් ඇතුළු මගීන් 25ත් 35ත් අතර පිරිසක් ගමන්කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවා.

අනතුරත් සමග ප්‍රදේශවාසීන්, පොලිසිය හා නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව දියේ ගිලී සිටි 20 දෙනෙකු බේරාගෙන කින්නියා රෝහලට ඇතුළත්කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒ අතරින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු පාසල් ළමුන් බවයි.

අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයාගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 08 ක් යොදවා තිබෙනවා.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති අතරතුර මෙවැනි අනතුරු වැළැක්වීමට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නඩුවකින් හිරුණිකා නිදහස්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස්...

බාර් පර්මිට් ගත්ත අයගේ ලැයිස්තුව අද එළියට

පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව අද (04) පස්වරුවේ සභාගත කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ බව...

ඖෂධවේදී සංගමයේ සභාපති අනිවාර්ය නිවාඩු යවලා

ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත ලබා දෙන බවට සැක කරමින් ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා දෙසැම්බර් 2 වන දා සිට...

POPULAR ARTICLES