30 C
Colombo
Sunday, July 7, 2024

කිරි සිරවු බිළිදා රෝහලෙන් භාර නොගත් නිසා මිය ගිහින්

- Advertisement -

මාස 2ක බිළිඳෙකුට කිරි හිරවීම නිසා රෝහලට රැගෙන ඒමෙන් පසු අදාළ රෝහල බිළිඳාව භාර නොගැනීම හේතුවෙන් වෙනත් රෝහලකට රැගෙන යන අතරතුර බිළිඳා මියයෑමේ සිදුවිමක් වාර්තා වනවා.

මාතර දිස්ත්‍රික් නව රෝහලට රැගෙන ආ බිළිඳාව එලෙස භාරගෙන නොතිබුණු බවට වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කඹුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි ඔසඳ ආකිෂ් නමැති මාස 2යි දින 27ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩිමහල් බිළිඳායි.

ඊයේ (03) අලුයම් කාලයේදී මෙම දරුවාට කිරි ලබාදී ඇති අතර එහිදී කිරි සිරවු නිසා දෙමව්පියන් විසින් ත්‍රීරෝද රථයකින් බිළිඳාව වහාම මාතර කොටවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති මාතර දිස්ත්‍රික් නව රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.

මව්පියන් පවසන පරිදි, රෝගියා භාර ගැනීමට නොහැකි බවත් ඒ මොහොතේ හදිසි ප‍්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවන බවත් එහිදී ආරක්ෂක නිලධාරීන් පවසා තිබෙනවා.

පසුව ගිලන් රථයකින් හෝ වෙනත් රෝහලක් වෙත දරුවා රැගෙන යාම සඳහා රෝහලට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස දෙමව්පියන් පවසා ඇති අතර එයද රෝහල් ආරක්ෂක අංශය වළක්වා තිබෙන බවට පැවසෙනවා.

පසුව ඔවුන් කිලෝමීටර් 10ක් පමණ දුර ගෙවා මාතර මහ රෝහල වෙත බිළිඳා රැගෙන ගොස් තිබු නමුත් ඒ වනවිට බිළිඳා ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

වෛද්‍යවරුන් පවසා තිබුණේ විනාඩි 30ට පමණ පෙර රැගෙන ආවේ නම් බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට තිබූ බවයි.

බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස මාතර පොදු සුසාන භූමියේදී සිදුකර තිබුණා.

මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වී ඇත්තේ මෙය කිරි සිරවීමෙන් සිදුවු මරණයක් බවයි.

එම රෝහලේ උපත ලැබූ දරුවකු අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම මාතර දිස්ත්‍රික් නව රෝහල පිළිබඳව පසුගිය මසද දැඩි කතාබහට ලක්වුණා.


RECENT ARTICLES - SINHALA

තැපැල් සේවකයින් දැඩි තීරණයක

තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය...

පොහොර සහනාධාරය හොරට අරගෙන

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර...

ජයසූරියට ක්‍රිකට්වල ලොකු තනතුරක්

ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා ස්ථිර පුහුණුකරුවෙකු පත්කරගන්නා තෙක් වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර ගැනීමට තීරණය කර...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...