24 C
Colombo
Wednesday, February 19, 2025

බලනකොට බිමට අල්ලපු ගල් ප්‍රසන්න රණවීරගේ බිරිදගෙ

- Advertisement -

කිරිබත්ගොඩ නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයට අයත් රථගාල පසුගිය මාර්තු මස සිට වසා දමා තිබෙනවා.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එය ඉන්ටර්ලොක් ගල් අල්ලා නවීකරණය කිරිමයි.
කෙසේ වෙතත් මේ වන විට එය නවීකරණය කර අවසන්ව ඇතත් කැළණිය ප්‍රාදේශීය සභාව විසින් තවමත් එය විවෘත නොකර තබාගෙන සිටිනවා.
කිරිබත්ගොඩ පොදු වෙළෙද සංගමය චෝදනා කරන්නේ එළැඹෙන උත්සව සමයේදී තාවකාලික කඩ දැමීමට මෙම රථගාල යොදාගැනීමට ප්‍රාදේශීය සභාව උත්සහ කරමින් සිටින බවයි.
මෙම භූමියට ඇතුළු කැළණිය ප්‍රදේශයේ බොහෝමයක් මාර්ගවලට ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම සම්බන්දයෙන් අපූරු තොරතුරක්ද වාර්තා වනවා.
එනම් මැටි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත්වීමෙන් අදාල අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෙරුණද එම කිසිදු මාර්ගයකට කොන්ක්‍රීට් හෝ තාර නොයෙදීමට වගබලාගන්නා බවයි.
ඒ අනුව එම මාර්ග ඉන්ටර්ලොක් ගල් අල්ලා ප්‍රතිසංස්කරණය කරන බවත් එම ඉන්ටර්ලොක් ගල් කම්හලද ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාගේ බිරිදට අයත් එකක් බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
කිරිබත්ගොඩ පොදු වෙළෙඳසැල් භූමියටද ලක්ෂ 55 ක වියදමක් දරා ඉන්ටර්ලොක් ගල් අතුරා සංවර්ධනය කර තිබීමද විශේෂත්වයක්.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

අධික උණුසුම ගැන පුරෝකථනයක්

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා. මෙම තත්ත්වයත් සමග ජල...

ආණ්ඩුවට ඕන විදිහට දේශපාලනය කරන්න ලෑස්ති නැහැ – නාමල්

ආණ්ඩුවට අවශ්‍ය ලෙස දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව තම පක්ෂය ජනතාව සමඟ...

පුංචි ඡන්දය ගැන තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවට ලැබීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්...

POPULAR ARTICLES