28.1 C
Colombo
Tuesday, April 15, 2025

ට්‍රම්ප් පැනවූ බදුවලට කිරිඇල්ලගෙන් යෝජනාවලියක්

- Advertisement -

ඇමරිකානු රජය ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩවලට පැනවූ බදු සීමා ලිහිල් කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි උපායමාර්ග සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණ වේදිකාවේදී රටවල් ගණනාවකට බදු පනවන බවට පූර්ව අනතුරු ඇඟවීම් කළ බවයි.

ඒ අනුව, බොහෝ රටවල් එම අවස්ථාවේ සිටම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඇමරිකානු රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ බවත්, එසේ සාකච්ඡා කළ සියලු රටවල් ඇමරිකාවෙන් අඩු බදු ප්‍රතිශත ලබාගෙන ඇති බවත්, ඔහු ප්‍රකාශ කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කරන අවස්ථාවේදීම ජාතික ජනබලවේග රජයේ විශේෂඥයන්ට ඒ සඳහා සූදානම්වීමට කාලය තිබූ බවත්, ඔවුන් එසේ කල්තියා සූදානම් නොවීම හේතුවෙන් මෙම බරපතල ගැටලුව මතුවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට පැනවූ 44%ක බදු අඩු කර ගැනීම සඳහා දැනටමත් ප්‍රමාද නැති බවත්, ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කර එරට නායකයන් සමග විධිමත් සාකච්ඡා ආරම්භ කළ යුතු බවත් ඔහු යෝජනා කළා.

ඇමරිකාවෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩවලට නියම කෙරෙන බදු සහ කෘතිම බදු වැටවල් ඉවත් කර නිදහස් වෙළඳ ආර්ථිකයකට ගමන් කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකි අතර, ඇමෙරිකාව වමට බර රටවලට වැඩි බදු ගසා ඇති බව එම බදු ලැයිස්තුව නිරීක්ෂණයේදී පෙනී යන බවද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹ තැපැල් ඡන්දය ගැන ප්‍රකාශයක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ , එම පළාත් පාලන...

රිය අනතුරකින් දැරියක් මරුට – හයක් රෝහලේ

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු...

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම්

බීමත්  රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින...

POPULAR ARTICLES