30 C
Colombo
Sunday, January 26, 2025

රට යන්න සූදානම් වෙන කිතුල් රා

- Advertisement -

ඇහැලියගොඩ කිතුල් ව්‍යාපෘතියේ නිෂ්පාදන, රටවල් හතරකට අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කරනවා.

කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඔමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබනවා.

මෙම වැඩසටහන යටතේ පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද ඇය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

POPULAR ARTICLES

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

අපේ අතේ කුණු නෑ, අපේ අතේ ලේ නෑ – නාමල්

යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන කමිටුවෙන් වැටුප් ලබාගෙන ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා අද වනවිට පොලිස් භාර ඇමතිවරයා බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...