දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙක්ට පිහි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වනවා.
එම සිව්දෙනා පන්සලක් වෙත පා ගමනින් යමින් සිටියදී තියුණු ආයුධයකින් සන්නද්ධව පැමිණි පුද්ගලයෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර තිබුණා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චීන බලධාරීන් කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති බව සඳහන්.
තුවාල ලැබූ සිව් දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.