කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මැතිවරණයට අදාළව පෝස්ටර් ඉවත් කිරීමේ රාජකාරියේ නිරතව සිටි නිලධාරී කණ්ඩායමකගේ රාජකාරියට බාධා කර ඔවුන්ට බැණ තර්ජනය කිරීම සහ අඩත්තෙට්ටකම් කිරීම, පොලිස් අඥා පනතේ සඳහන් වැරදි සිදු කිරීම සහ මැතිවරණයට අදාළව පවතින නීති උල්ලංඝණය කිරිම නිසා මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.