29.4 C
Colombo
Sunday, March 30, 2025

‘කෝලිය’ අභිරහස් ලෙස මිය ගිහින්

- Advertisement -

මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ  ‘කෝලිය’ නැමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

මින්නේරිය, රොටවැව ඇල රක්ෂිත කලාපයේදී මිය ගිය කෝලිය ඇතාගේ සිරුර ඊයේ (06) දින සොයාගෙන ඇති අතර සත්තවයා මිය ගොස් මේ වන විට දින 6ක පමණ කාලයක් ගතව ඇති බවට අනුමාන කෙරෙනවා.

වයස අවුරුදු 25 ක් වන මෙම ඇතාගේ උස අඩු 08 ක් පමණ වෙනවා.

මෙම සත්වයාගේ දළ දෙකෙන් එකක් අඩි 04යි අගල් 04ක් පමණ වන අතර, අනෙක් දළය අඩි 04යි අගල් 06 ක් පමණ දිගකින් යුක්තයි.

මියගිය සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගීරිතලේ වන ජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය කණ්ඩායම් සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් සත්ත්වයා මිය යාමට හේතුව තවමත් අනාවරණය කරගෙන නැහැ.

කලාවැව වනජීවී කලාපයේ ජීවත් වූ  දීඝජන්තු නමින් හඳුන්වන හස්තියාද පසුගිය 28 වෙනි දින අනවසර විදුලි රැහැනක ගැටී මරණයට පත් වුණා.

මින් පෙර කලාවැව ආසන්නයේ ජීවත් වූ රේවත, භරණ, වළගම්බා ආදී නම්වලින් හැඳින් වූ හස්තීන් කිහිපදෙනකුම අනවසර විදුලි රැහැන්වල ගැටී මරණයට පත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

ටිරාන්ව CIDයෙන් කැඳවලා

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...