කුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව එම බන්ධනාගාරය හුදෙකලා කලාපයක් ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
මෙම සතිය තුළදී එම බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිතයන් 2ක් හමුවු බැවින් එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන තවත් රැඳවියන් 52 දෙනෙකුට සහ නියාමකවරියන් දෙදෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත.
ඒ අනුව කුරුවිට බන්ධනාගාරයට ඇතුළු වීම හෝ පිටවීම තහනම් කර ඇති අතර බන්ධනාගාරයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය බන්ධනාගාරය තුළම නිරෝධායනයට කිරීමට කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.