ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂානි රෝහණධීර මහත්මිය පත් කර ඇත.
මෙතෙක් පාර්ලිමේන්තු සහකාර මහලේකම්වරිය ලෙස කටයුතු කල ඇය මෙම තනතුරට පත්වූයේ හිටපු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා පත් නිරිම හේතුවෙනි.කෙසේ වෙතත් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ අවස්ථාවේදී කතානායකවරයා දැනුම් දුන්නේ මෙම පත්වීම දෙසැම්බර් 02 වන දින සිදු කර ඇතිබවය.