27.7 C
Colombo
Tuesday, April 1, 2025

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ප්‍රතික්ෂේපයි

- Advertisement -

අල්ලස් චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ මහානාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

නොවැම්බර් 25 වන දින අදාල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කර ඇත.

තම සේවාදායකයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයින් රැසක් හමුවී ඇති බවත් ඔහු හෘද රෝගියෙකු නිසා එහින් ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බවත් පවසමින් ආදාල ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත් සිය තීන්දු ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල පවසා ඇත්තේ විත්තිකරු තමන්ට නියම වී ඇති සිරදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත්කර ඇති බවත් ඉදිරියේදී එය විභාගයට ගැනීමට නියමිත බවත්ය.

RECENT ARTICLES - SINHALA

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...

සතාසිවම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 08...

චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගෙන මේ වන විට  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) අධිකරණයට රැගෙන විත් තිබෙනවා. මන්ත්‍රීවරයාව මෙලෙස ඉදිරිපත් කර...

POPULAR ARTICLES

ආණ්ඩු විවේචනය කරනවා කියන්නේ හිරේ යන වැඩක් – සජිත්

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේදී...