25.9 C
Colombo
Wednesday, November 27, 2024

පානීය ජල හිඟයක් – ජලය බීමට සහ ආහාර පිසීමට පමණයි

- Advertisement -

ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චියට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල මට්ටමක පවතින නමුත් පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේ වඩාත් අරපිරිමැසුම් සහගත වන ලෙසයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළිණ එස්. විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

මෙම අවස්ථාවේ පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සියලු දෙනාටම සමසේ බෙදා හැරිය යුතු හෙයින් වාහන සේදීම, ගෙවතු වගාව සහ බෝග වගාවන් ඇතුලු අත්‍යාවශ්‍ය නොවන කටයුතු වලට මෙම පිරිපහදු කරන ලද පානීය ජලය භාවිතා නොකරන ලෙසයි ඔහු පවසන්නේ.

බීමට සහ ඉවුම් පිවුම් කටයුතු වලට පමණක් ජලය භාවිතා කරන මෙන් මෙම නිවේදනය මඟින් කාරුණික ඉල්ලීමක් කර ඇත.

මෙම තත්වය මත පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපූරාලීමේදී උස් බිම් ප්‍රදේශවලට සහ සමහර ප්‍රදේශයන්හි ජල පාරිභෝගියන් වෙත ජලය බෙදාහැරිමෙදී අඩු පීඩන තත්වයන් උද්ගතවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටරයක් ගංවතුරට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6ක් අතුරුදන්

පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි පාසල් දරුවන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ඉන් සිසුන් දෙදෙනෙකු...

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත...

උසස්පෙළ විභාගය කල්දාලා

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව හෙට (27) දිනය, 28 සහ...

POPULAR ARTICLES