29 C
Colombo
Friday, January 3, 2025

Lady J, කොටුව කඩේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ, ගාල්ල කොටුවේ කඩේ, ලේඩි J සහ මංජරී ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජේ.ජී.සුමනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා.

ජඹුරේගොඩ ගමාච්චිගේ සුමනපාල මහතා මාතර – වැලිගමදී උපත ලබා තිබෙනවා.

නව දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු ජඹුරේගොඩ විද්‍යාලයෙන්ද පසුව උසස් පෙළ දක්වා වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබූවා.

කුඩා කළ සිටම ව්‍යාපාරික පරිසරයක් තුළ හැදී වැඩුණද මුලින් වෙනත් කර්මාන්තවල නියැලුණු සුමනපාල මහතා පසුව රෙදිපිළි විලාසිතා අලෙවියට පිවිසුණා.

ඒ අනුව ධර්මලතා මහත්මිය සමඟ සිදුවූ තම විවාහයෙන් පසුව ඔවුන් දෙපළ ගාල්ලේ YWCA ගොඩනැගිල්ලේදී සිය විලාසිතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

ජනතාවට හැකිතාක් අඩු මුදලට භාණ්ඩයක් අලෙවි කිරීම, යමෙකුට රැකියාවක් ලබාදීම යනාදි යහපත් අරමුණැතිව සුළු ලාභයක් පමණක් ලබාගනිමින් පවත්වාගෙන ගිය එම ව්‍යාපාරයට ‘කොටුවේ කඩේ’ යන නාමය ජනතාව විසින්ම යොදන ලද්දක් බවයි වාර්තා වන්නේ.

පසුව එනමින්ම රට පුරාම ‘ගාල්ලේ කොටුවේ කඩේ’ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ව්‍යාපාරික ජේ.ජී.සුමනපාල මහතා සිය බිරිඳ සහ දරු මුනුබුරන් සමඟ පසුව එම ව්‍යාපාරය, සිය දියණියන් දෙදෙනාගේ නම්වලින් එනම් ජයනි සහ මංජරී යන නාමයන් යොදමින් කොළඹ පුංචි බොරැල්ලේ ‘ලේඩි ජේ’ ලෙසත් ගාල්ල සහ නුගේගොඩ ‘මංජරී’ ලෙසත් ව්‍යාප්ත කෙරිණි.

මේ වනවිට එම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ සුමනපාල මහතාගේ දරුවන් සහ බෑණාවරුන් විසිනි.

සුමනපාල මහතාගේ ව්‍යාපාර අරමුණු තවදුරටත් රැකගනිමින් පවත්වාගෙන යාම නිසා එම ව්‍යාපාරය තවදුරටත් රට පුරා පුළුල් වෙමින් අද වනවිට Lady J සාප්පු සංකීර්ණයක් මහරගම දක්වාද විහිදී ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලලා

මීට වසර හතරකට පෙර බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේදි 47හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සත්‍යවසන් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව රත්නපුර අපරාධ විමර්ශන...

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම ගැන රජයෙන් නිවේදනයක්

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන්...

කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින...

POPULAR ARTICLES

වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලලා

මීට වසර හතරකට පෙර බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේදි 47හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සත්‍යවසන් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව රත්නපුර අපරාධ විමර්ශන...

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම ගැන රජයෙන් නිවේදනයක්

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන්...

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (03) දිනයේ දී වාර්තා වුණා. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය...