25 C
Colombo
Thursday, March 20, 2025

ගෝඨාගෙන් ලලිත්-කූගන් ගැන අහන්න එපා- රිට් ආඥාවක්

- Advertisement -

කිසිදු නීතිමය පදනමක් නොමැති බව කියමින් ලලිත්-කූගන් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවට හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සාක්ෂි විමසීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කිරීම වලංගු නොවන බව සඳහන් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සුබෝධ රාජකරුණා නොවැම්බර් 23 වැනිදා රිට් ආඥාවක් නිකුත් කර ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (එකල ජන අරගල ව්‍යාපාරය) වෙනුවෙන් දේශපාලන කටයුතුවල යෙදෙන අතරතුර ලලිත්-කූගන් දෙපළ අතුරුදන් කර තිබුණු අතර එවක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කියා තිබුණේ එම දෙදෙනා රජයේ අත්අඩංගුවේ සිටින බවය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් රඳවාගෙන සිටින බව එකල වාර්තා විය.

කෙසේ වෙතත් එම දෙදෙනා ගැන පසුව කිසිදු වාර්තාවක් නොලැබුණු අතර මේ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආරක්ෂක බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි. ඒ අනුව ඒ පිළිබඳ කරුණු දැක්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි ගොනු කර තිබුණි.

මීට පෙර 2019 ජනාධිපතිවරණ සමයේද ඔහුට සිතාසි ගොනු කර තිබුණත්, ඔහු සිය ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව කියමින් එම නඩු කටයුතු කරා ගියේ නැත. එසේ වුව එසේ කීමෙන් පසු ඔහු 2019 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යාපනය වෙත ගමන් කර තිබුණි.

ඒ අතරතුර එම සිතාසිය නැවත කැඳවීම හෝ බලරහිත කිරීමක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබුණු අතර නොවැම්බර් 23 වැනිදා තීන්දුව ලබා දී තිබුණේ ඒ සම්බන්ධයෙනි.

RECENT ARTICLES - SINHALA

පියුමිගේ ක්‍රීම් ගැන හෙළිදරව්වක්

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට...

රජයේ සන්නාමයකින් ඉදිරියේදී මේස ලුණු

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසනවා. අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත් කිරීමත් සමග බව පැවසෙනවා. එම...

රිලව් මරලා දාන්න මන්ත්‍රී කෙනෙක්ගෙන් යෝජනාවක්

වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. වගා බිමට පැමිණෙන රිලව් මරා දැමීමට අවශ්‍ය...

POPULAR ARTICLES