කොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අති විශේස ගැසට් නිවේදනය මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට කටයුතු කර තිබෙනවා.
කොළඹ නගරයේ පැරණි වෙළෙඳපොළවල් මහජන සේවාවන් සපයන පහසුකම් රැසකින් යුත් වෙළඳපොළ සංකීර්ණ වශයෙන් සංවර්ධනය කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට මීට පෙර උපදෙස් ලබාදී තිබුණා.
එහි පළවෙනි වැඩසටහන ලෙස 1976 වසරේදී ආරම්භ කළ කොල්ලුපිටිය වෙළෙඳපොළ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මීට දශක 04කට පමණ පෙර සුපිරි වෙළෙඳසල යනුවෙන්ද හැඳින්වෙන මෙම ගොඩනැගිල්ලේ වෙළෙඳසල් හිමිකරුවන්ගේ ඉල්ලීම මත කොල්ලුපිටිය වෙළෙඳපොළ වර්තමානයට සහ අනාගතයට ගැළපෙන ලෙස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබීම පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර සිදුවුණා.