27.8 C
Colombo
Friday, March 14, 2025

නායයෑමක් නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා

- Advertisement -

අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා.

ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙනවා.

ඒ හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති අතර එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත්කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය උපදෙස් දෙනවා.

අදාළ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී පහත විකල්ප මාර්ග භාවිත කිරීමට හැකියාව පවතිනවා.

විකල්ප මාර්ග –

• ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැක.

• වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක්

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

මූතූර්හි ද්විත්ව ඝාතනයට මිණිබිරිය අත්අඩංගුවට

මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට...