දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පනවා තිබු නායයැමේ අනතුරු ඇගවිමේ නිවේදනය තවත් පැය 24ක කාලයක් සදහා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, තුම්පනේ, උඩුදුම්බර, යටිනුවර, පහතහේවාහැට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අවධානයෙන් සිටින ලෙස දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම එම සංවිධානය වැඩිදුරටත් නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ලෙ, වැලිමඩ, ලුනුගල, බණ්ඩාරවෙල, මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, දෙල්තොට කෑගල්ල දිස්ත්‍රික්කවේ කෑගල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, වරකපොල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, අරනායක, ගලිගමුව, රඹුක්කන, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට සහ – රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසයි.