29.2 C
Colombo
Wednesday, April 9, 2025

ලංකාදීප, ඩේලිමිරර්, ටයිම්ස් කාර්යාල වහලා

- Advertisement -

ලංකාදීප, අද, ඩේලි මිරර්, සන්ඩේ ටයිම්ස් පුවත්පත් අයත් වන විජය නිව්ස්පේපර්ස් ආයතනය රජයේ උපදෙස් මත තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඒ එම ආයතනයේ 20කට වැඩි පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි වාර්තා වීම නිසාය. ඩේලි මිරර් පුවත්පතේ මෙන්ම ඉරිදා ලංකාදීප පුවත්පතේද කිහිපදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අප වෙත වාර්තා විය.

විජය නිව්ස්පේපර් ආයතනයේ ප්‍රධානියා වන්නේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ පියා වන රංජිත් විජේවර්ධන මහතාය.

විජය නිව්ස්පේපර්ස් ආයතනයේ මාධ්‍යවේදියෙකුට කොවිඩ්-19 ආසාදනය වූ බව මීට පෙරද වාර්තා විය.

මේ වන විට එම ආයතනයේ ප්‍රධානීන් රජයේ නායකයන් සමඟ සාකච්ඡා කොට ආයතනය නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන බව වාර්තා වේ.

(ඉහත කී පුවත්පත් කිහිපයට අමතරව තරුණයා, විජය, ටැමිල් මිටර්, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් ඇතුළු පුවත්පත් රැසක් මුද්‍රණය කරන විජය නිව්ස්පේපර්ස් ආයතනය ලංකාවේ වැඩිපුරම අලෙවි වන පුවත්පත් සංඛ්‍යාවක් මුද්‍රණය කරන ආයතනය වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් පුවත්පත් සියල්ලෙහි සංඛ්‍යාව එකතු කළද මුද්‍රණය අතින් විජය නිව්ස්පේපරේස් ආයතනයේ පුවත්පත් සංඛ්‍යාවට වඩා අඩු බවට පිළිගැනීමක් තිබේ. විජය පුවත්පත් ආයතනය ලංකාවේ ‘පත්තර රාජධානිය’ ලෙස සලකයි.)

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ වැටුප නොලැබෙන ලකුණු

අයවැය යෝජනා අනුව සංශෝධිත  රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස 10 වන දිනට ලබා දීමට අපොහොසත් වන්නේ නම් අදාළ හිඟ වැටුප අප්‍රේල් 25 වන දින...

මර්වින් රිමාන්ඩ් –  ප්‍රසන්න සහ මිල්රෝයිට වරෙන්තු

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති...

මාව ජනාධිපති කරන්න – ටිරාජ් ගල්කන්ද

‍රටේ ජනාධිපති ධූරය තමා හට මාස 06කට ලබාදෙන ලෙස ඉල්ලමින් මහරගම හිටපු නගරාධිපති ටිරාජ් ගල්කන්ද අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා. මාධ්‍ය වෙත අදහස්...

POPULAR ARTICLES