ආනයනික භාණ්ඩ කිහිපයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව යෝගට්, චීස්, රටඉදි, ඇපල්, මිදි යනාදී ආනයනික භාණ්ඩ මත මෙම විශේෂ වෙළෙඳ බද්ද මාස 06 ක කාලයක් සඳහා පැනවෙනු ඇති.
සංශෝධිත නව බදු අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000ක්, වෙඩරු කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 ක්, චීස් කිලෝ ග්‍රෑමයකට රුපියල් 400 ක්, රටඉදි කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 ක්, දොඩම් කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 ක්, මිදි කිලෝ ග්‍රෑමයකට රුපියල් 300 ක්, ඇපල් කිලෝ ග්‍රෑමයකට රුපියල් 300 ක් අනෙකුත් පළතුරු කිලෝ ග්‍රෑමයකට රුපියල් 300 ක බද්දක් පැනවා තිබෙනවා.