30 C
Colombo
Friday, November 1, 2024

පසුගිය අවුරුද්දේ දී මන්ත්‍රීවරු දහයක් තීරු බදු රහිත වාහන ගෙන්නලා

- Advertisement -

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනයට සීමා පනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටවු බව කියනු ලැබු තත්වය උඩ, තීරු බදු රහිත බලපත්‍රය යටතේ 2023 වර්ෂයේදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10ක් වාහන ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා.

ඒ බව අනාවරණය වන්නේ ශ්‍රි ලංකා රේගුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් තොරතුරු මඟින්ය.

එම තොරතුරු අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තීරු බදු රහිත වාහන බලපත් යටතේ වාහන ගෙන්විම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙකුට අවසර හිමිව තිබෙනවා.

තීරු බදු රහිත වාහන බලපත් සඳහා අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහංගෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගමට ඉල්ලිම් කළ අතර හිටපු ජනාධිපතිවරයාගෙන් විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු වාහන බලපත් සඳහා අවසර ලබාදෙන ලෙස කරන ඉල්ලිමක විඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

එම වාර්තාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේක යටතේ නිකුත් කරන ලද වාහන බලපත්‍ර 5144ක්,සාමාන්‍ය වාහන බලපත්‍ර 194ක්,විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ වාහන බලපත්‍ර 1ක්, පළාත් සභා යටතේ වාහන බලපත්‍ර 1397 ,බදු නිදහස් කිරිම් යටතේ එම වර්ශයේ දී ශ්‍රි ලංකාවට ආනයනය කර තිබෙනවා.

ඊට අමතරව 2023 වර්ෂයේදි කිරිපිටි සම්බන්ධයෙන් අවස්ථා 613 කදී, උණ ලී සම්බන්ධයෙන් අවස්ථා 18කදී ,තිරිඟු පිටි සම්බන්ධයෙන් අවස්ථා 716දී ගෑස් හා තෙල් සම්බන්ධයෙන් අවස්ථා 770කදී බදු නිදහස් කිරිම් ලබා දි තිබෙන බව සඳහන්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 03ක්ද නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 55ක්ද,මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 55ක්ද,ප්‍රවාහන හා සිවිල් සේවා ගුවන් අමාත්‍යංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 58ක්ද ,උමා ඔය ව්‍යාපෘතිය සඳහා බදු නිදහස් කිරිම් 20ක්ද ලබා දි තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මහින්දගේ මයිලකට හරි හානි වුනොත් බලාගමු

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මයිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ්...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...