32 C
Colombo
Sunday, December 22, 2024

පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්

- Advertisement -

පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවයි.

කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වනවා.

බස්නාහිර පළාත තුළ මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා.

මේ අතර සමස්ත දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වය ලබා දීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත් ව තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත 10.9%ක් ද මධ්‍යඹ පළාත 10.3%ක් ලෙසද එහිදී දායකත්වය ලබා දී තිබෙනවා.

මහ බැංකුව පැවසුවේ බස්නාහිර පළාතේ දායක්ත්වය සුළු අඩු වීමක් පෙන්නුම් කළද 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මධ්‍යම, උතුරු මැද, උතුරු හා දකුණු පළාත්වලින් දක්වන ලද දායකත්වය සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

තවද පෙර වසරට සාපේක්ෂව අඩු වේගයකින් වුවද සියලුම පළාත්වල නාමික දළ දේශීය නිශ්පාදනය 2023 වසරේදී වර්ධනය වී තිබෙනවා.

ආර්ථික කටයුතු සඳහා පළාත් මගින් ලබා දී ඇති දායකත්වය අනුව කෘෂිකාර්මික කටයුතුවලදී වයඹ පළාත තවදුරටත් ඉහළම දායකත්වය ලබා දී ඇති අතර එහි අගය 19.6%ක්.

දකුණු පළාත 13.5%ක් ද මධ්‍යඹ 12.4%ක් වශයෙන් පළාත් පිළිවෙළින් දෙවන සහ තුන්වන ඉහළම දායකත්වය ලබා දී තිබෙනවා.

මේ අතර 2023 වසරේදී කර්මාන්ත ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය තවදුරටත් බස්නාහිර පළාත දක්වා ඇති අතර එහි අගය 48.7%ක්.

ඒ සඳහා සමස්ත කර්මාන්ත නිමැවුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබෙනවා. 

එමෙන්ම වයඹ 12.3%ක් සහ මධ්‍යම 9.3%ක් ලෙස පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊලඟ ඉහළම දායකත්වය වාර්තා කර තිබෙනවා.

සේවා අංශයේ ක්‍රියාකාරිත්වය අනුව ද බස්නාහිර පළාත ඉදිරියෙන් පසුවන අතර එහි අගය 45.9%ක්.

දෙවැනුව මධ්‍යම පළාත 10.4%ක දායකත්වයක් ලබා දී ඇති අතර දකුණු පළාත 9.9%ක දායකත්වයක් ලබා දී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 27,630ක් බවද මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනව.

RECENT ARTICLES - SINHALA

හාල් වල ආනයන බද්ද අඩු කරන්න

සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස බොහෝ ප්‍රදේශවල වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටිනවා. වෙළෙඳුන්...

ආනයනය කරන ලද පොහොරවල ප්‍රමිතිය ගැන හෙළි වූ දේ

රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා...

නෙළුම් කුළුණ විවෘතව තබන වේලාවේ වෙනසක්

නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 25 සහ...

POPULAR ARTICLES