29 C
Colombo
Monday, November 18, 2024

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු නම් දෙක පමාවන ලකුණු

- Advertisement -

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ලැබුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුවේ ඉහළින්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහ ලේකම්වරිය වූ ශර්මිලා පෙරේරා මහත්ම මහත්මීන්ගේ නම් සඳහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනතුරුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතක ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකට පත් කරන්නන් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ලොහාන් සහ බිරිඳ නැවතත් රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ...

සුමන්තිරන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම එපා කියලා

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත පිරිනැමූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඔහු...

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී...

POPULAR ARTICLES