ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව රත්නපුර, නුවරඑළිය, මාතර, කුරුණෑගල, කෑගල්ල, නුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, සහ කොළඹ දිස්ත්රික්ක සඳහා අනතුරු ඇඟවීම සිදුකරනවා.
පාදුක්ක, පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, වරකාපොල, යටියන්තොට, රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරිඇල්ල සහ ඇහැළියගොඩ ප්රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.