ලිට්‍රො සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති පසුබිමක ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136 ක්.
ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රො ගෑස් මිලද ඉහළ දැමූ අතර එය ඓතිහාසිකව ගෑස් මිල විශාල වශයෙන් ඉහළ ගිය අවස්ථාවක් වනවා.
මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන්ද අද (11) අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.