29 C
Colombo
Thursday, December 12, 2024

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

- Advertisement -

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා.

සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 220 බැගින් පාරිභෝගිකයින්ට අළවි කරන ලෙසට රජය මගින් පාලන මිලක් නියම කර ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් අම්බලන්තොට නගරයේ වෙළඳසැල් වල අළෙවි කරන බවට හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියට ලැබුනු පැමිණිලි මත මෙම වැටලිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර නිළධාරී ලක්ෂමන් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව, උපාය දූතයෙකු යොදවා අම්බලන්තොට නගරයේ හාල් අළෙවි කරන වෙළඳසැල් කිහිපයකින් හාල් මිලදී ගැනීම සිදුකර ඇති අතර, සුදු කැකුළු හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් පාරිභෝගික සේවා අධිකාරියේ උපාය ධූතයාට වෙළඳසැල් හිමියන් අළෙවි කර තිබෙනවා.

ඒ අනුව, අම්බලන්තොට නගරයේ ප්‍රධාන හාල් අළෙවි කරන වෙළඳසැල් දෙකකට රජයේ පාලන මිලට වැඩියෙන් පාරිභෝගිකයින්ට හාල් විකිණිමේ වරදට නඩු පැවැරීමට කටයුතු කළ ලක්ෂමන් රත්නායක මහතා පවසනවා.

මෙහිදි හාල් වෙළඳුන් කියා සිටියේ, තොග වශයෙන් මෝල් හිමියන් හාල් ලබාදෙන මිල අනුව රජයේ පාලන මිලට අළෙවි කිරිමට නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

විදෙස් රැකියා ඒජන්සියක යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා. අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට...

කතානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ආණ්ඩුවේ තීරණය මෙන්න

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා...

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000...

POPULAR ARTICLES

Breaking : රනිල්ගේ නිර්දේශයක් ආයෙත් විසිවෙලා

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට නීතිඥවරයෙකු...