මෙරට ඇති රෝහල් සියල්ලේම පහසුකම් එකලෙස ප්‍රමාණවත් නොවන බැවින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නීතිඥවරුන්ට පහසුකම් සහිත, ඔවුන්ට සුදුසු රෝහල් ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණිෂ්ඨ නීති කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස හට ලිපියක් මගින් නොවැම්බර් 14 වන මෙම ඉල්ලීම සිදු කර ඇත.
නව සාමාන්‍ය තත්ත්වය පිළිගෙන සාමාන්‍ය පරිදි නීතිඥ කටයුතු සිදුකිරීමට සිදුවන බවත් එවිට නීතිඥ වෘත්තියේ යෙදෙන සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට වෛරසය ආසාදිත වීමේ අවදානමක් ඇති බවත් ඔහු ලිපියේ සදහන් කර ඇති අතර නීතිඥ සංගමයේ වෘත්තීමය ස්ථාවරයක් ලෙස සලකා කොවිඩ් වෛරසය ආසාදිතවන නීතීඥයන් සහ පවුලේ සාමාජිකයන්ට පහසුකම් සහිත සුදුසු රෝහල් ලබාදීමේ හැකියාව ගැන සලකා බලන ලෙසත් සදහන් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරියද නීතිඥයෙකු බැවින් ඇයට මෙම කරුණු පහදා දී මෙම ඉල්ලීම් පිළිබඳව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසත්ය.