28 C
Colombo
Saturday, January 4, 2025

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය උප නියාමකවරුන් අද (05) දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 12 වන දා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මීට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබුවා.

මෙම ගැසට් නිවේදනය යටතේ සේවයට වාර්තා නොකරන දුම්රිය හා පොදු ප්‍රවාහන සේවාවන්ගේ සියලුම සේවකයන් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට රජය බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

පැරණි පොලීසියේ CCTV අතුරුදන්වීම ගැන විමර්ශනයක්

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා 7 ක් සහ ඩීවීආර් යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්...

චීනයේ පැතිරෙන වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

චීනය තුළ මේ දිනවල පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (03)...

වැලිගම සිදුවීම : පාරේ ගිය පස් දෙනෙකුට වෙඩි තැබීමක්

අද (4) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා. වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ...

POPULAR ARTICLES

පැරණි පොලීසියේ CCTV අතුරුදන්වීම ගැන විමර්ශනයක්

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා 7 ක් සහ ඩීවීආර් යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්...

හෂ් මුදල් නඩු විභාගය: ට්‍රම්ප් ගැන ඓතිහාසික නියෝගයක්

නැවත පත්වීමට නියමිත හිටපු ජනපති ට්‍රම්ප්ගේ මුදල් වංචා නඩුව සම්බන්ධයෙන් ජනවාරි 10 වන දින දඬුවම් නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු සඳහන් කර තිබෙනවා. ඒ ඔහු...

පැරණි පොලීසියේ CCTV හොරු අරන්

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇති බව කොටුව...