මේ වනවිට වික්ෂයේ සිටින පිරිස් විවිධ පක්ෂ වලට බෙදී ඇති බවත්, විසිරී ඇති සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ, එනිසා සමගි ජනබලවේගයට නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු දැනට සහාය ලබා දීමට තීරණය කර තිබෙන අතර, තවත් කිහිප දෙනෙකු එම තීරණයට පැමිණීම සඳහා කාලය ඉල්ලා තිබෙන බවත්, මේ අනුව ඉතිරි පිරිස්ද ඉදිරියෙහිදී සමගි ජනබලවේගයට සහය දක්වනු ඇතැයි සිතන බවයි.
නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූයේ 2022 වසරේදී බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට පත් වූයේ නම් අගමැතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු සඳහන් කළා.
ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් වූවා නම් සජිත් ප්‍රේමදාස මහතා පුමුඛ කණ්ඩායම් සමග ආණ්ඩු කිරීමට තීරණය කර තිබූ බවයි ඔහු පැවසුවේ.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, වර්තමානය වන විට ආණ්ඩුවට පක්ෂපාතීව තිබෙන්නේ 20% ක ඡන්ද ප්‍රතිශතයක් බවත්, විපක්ෂයේ කණ්ඩායම්වලට 80% ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන බවයි.