29.2 C
Colombo
Monday, April 7, 2025

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

- Advertisement -

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මියන්මාරය සහ ශ්‍රී ලංකාව සමීප සබඳතාවක් පවතින බවත් එරට වෙසෙන ජනතාවට සහන සැලසීම සඳහා ඖෂධ ඇතුළුව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කිරීමට තමන් රජයට යෝජනා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 

“2015 නේපාලයේ භූමිකම්පාවක් ඇතිවූ අවස්ථාවේදී අපි හමුදාවේ කණ්ඩායමක් යැව්වා ඉන්දියාවට පස්සේ දෙවැනියට වැඩිම ආධාර දුන්නේ ලංකාව. අද මියන්මාරයට උදව් කරන්න ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, චීනය ඈත ප්‍රදේශවල තියෙන ඔස්ට්‍රේලියාව සියල්ලම ආධාර එවලා තියෙනවා. අපිත් පියවරක් ගන්න වුවමනයි. මගේ යෝජනාව හමුදාවේ වෛද්‍ය බලකායේ සිටින වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් අපි වහාම මියන්මාරයට යවමු ඒ අයට උපකරණ දීලා මියන්මාරයේ තාවකාලික රෝහලක් ඇති කරන්න කියලා. එපමණක් නෙමෙයි එතැනදි ඒ අයට අවශ්‍ය ඖෂධ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල අපි එකතු කරලා එහෙට යවන්න පුළුවන්. ඒ සම්බන්ධය අපි ඇති කරන්න වුවමනයි…. ගිය අවුරුද්දේ ගාසා වෙනුවෙන් මම ලංකාවෙන් ඩොලර් මිලියනයක් දුන්නා. ඒ නිසා අපිත් මේ සම්බන්ධව අපිත් පියවර ගන්න කියලා මම රජයට යෝජනා කරනවා. “

RECENT ARTICLES - SINHALA

තවත් පොලිස් බිල්ලක් ද? (වීඩියෝ)

තිනියාවල පොලිසියේ බව පැවසෙන පොලිස් නිළධාරින් හතර දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර තිබෙනවා. මෙම අවස්ථාවේදී ගම්වාසීන් විසින් සිදු...

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව...

Breaking: PTA යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා නිදහස්

ඊශ්‍රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා ඇප කොන්දේසි මත...

POPULAR ARTICLES

තවත් පොලිස් බිල්ලක් ද? (වීඩියෝ)

තිනියාවල පොලිසියේ බව පැවසෙන පොලිස් නිළධාරින් හතර දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර තිබෙනවා. මෙම අවස්ථාවේදී ගම්වාසීන් විසින් සිදු...

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව...

ක්‍රිකට් ක්‍රීඩකයින් 45දෙනෙකුට වාර්ෂික ගිවිසුම්

2025 දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ...