ජනපති ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කර ජනපතිට තවත් වසර 5ක් ලබාදිය යුතු බවට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය අද (21)දින ප්‍රකාශ කර සිටියා.
ඒ ඊයේ (21) දින ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීයි.
කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය ඔහුට නැවත ලබාදීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය යොදා ගත යුතු බවටයි ඇය යෝජනා කර සිටින්නේ.
ඒ සමගම පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය පවසනවා.
මේ වන විට රට ගෝලීය අර්බුදයකට මුහුණ දී ඇති බවත් එංගලන්තයේ ද අද පෝලිම් පවතින බවත් කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් ඇය පවසනවා.
“අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ” යැයි ඇය පවසනවා.