30 C
Colombo
Friday, November 1, 2024

මහින්දගේ මයිලකට හරි හානි වුනොත් බලාගමු

- Advertisement -

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මයිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවැසූවේ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීමට එරෙහිව රොස්මිඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ රටේ තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා ලබාදී ඇත්තේ ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් බව පැවසු ගමගේ මහතා කී ගමගේ මහතා  මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සලසා දෙනුයේ ත්‍රිරෝද රථයකින්දැයි ප්‍රශ්න කර සිටියා.

මෙරට වැඩිම තර්ජනයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනුයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මනදොළ පිනවීමට දැයි ඇසූ ගමගේ මහතා කියා සිටියේ කිසියම් පිරිසකගේ උවමනාව මත හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩුකර ඇති බවයි.

2020 මාර්තු මස 19 වැනි දින නිසි ආරක්ෂක තක්සේරුවක් මගින් ගත් කැබිනට් තීන්දුවකින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ අතර ජනාධිපතිවරයා හෝ කිසියම් අයකු විසින් පත්කරන ලද අනු කමිටුවක් මගින් කැබිනට් තීරණ වෙනස් කිරීම නීති විරෝධී බවද නීතීඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජගිරිය වාහන ගරාජයක හදිසි ගින්නක්

රාජගිරිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හදිසි ගින්නක් මේ වන විට ඇති වී තිබෙනවා. එහිදී එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...